Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් ජනපති සටනට ඉදිරිපත් නොවන්නේ නම් තමාද තරඟ නොවදින බව ජෝ බයිඩ්න් කියයි  

Add comments

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමා ද ජනාධිපතිවරණයට තරග නොවදින බව ජෝ බයිඩ්න් සදහන් කරනවා.

2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළියකට එක්වෙමිනුයි ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව සදහන් කළේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් වරක් ජයග්‍රහණය කිරීමට කිසිදු ලෙසකින් ඉඩ ලබාදිය නොහැකි බැවින් ඔහු තරග වදින්නේ නම් පමණක් තමා ජනාධිපතිවරණයට නැවත වරක් ඉදිරිපත් වන බව ජෝ බයිඩ්න් පවසනවා.

මේ වන විට වයස අවුරුදු 81 ක් වන ජෝ බයිඩ්න් යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය තුළ මතභේද ගොඩනැගී ඇති පසුබිමකයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ.

ඇමෙරිකා ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා බවටද ඔහු මේ වන විට පත්ව තිබෙනවා.

 

 

 

 

The post ට්‍රම්ප් ජනපති සටනට ඉදිරිපත් නොවන්නේ නම් තමාද තරඟ නොවදින බව ජෝ බයිඩ්න් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG