Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උදව් ඉල්ලා ලියූ සටහන  

Add comments

ඊශ්‍රායල හමුදා වෙඩි තබා ඝාතනය කළ ප්‍රාණ ඇපකරුවන් ඉතිරි වූ ආහාර සංඥා ලෙස භාවිත කරමින් උදව් ඉල්ලා ලියූ සටහනක් හමුව තිබෙනවා.

පසුගිය සිකුරාදා ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදා අත් වැරදීමකින් ඝාතනය කළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුයි ඉතිරි වූ ආහාර භාවිත කරමින් මෙම උදව් ඉල්ලා සිටින සංඥා සටහන තබා ඇත්තේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කරන්නේ මෙම පුද්ගලයින් ඔවුන්ට වෙඩි තැබූ ස්ථානයට යාබද ගොඩනැගිල්ලේ දිගු කලක සිට රැඳී සිට ඇති බවයි.

සුදු කොඩියක් අතැතිව සිටි මිනිසුන් ඝාතනය කිරීම ජාත්‍යන්තර යුධ ගිවිසුමේ නීති උල්ලංඝනය කිරීමක් බව ඊශ්‍රායල නිලධාරීන් පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ තවත් ගනුදෙනුවක් සඳහා ඊශ්‍රායලය යොමු කරවීමේ පීඩනය වැඩි කර ගැනීමක් ද වනවා.

තවත් පුද්ගලයන් 120 ක් පමණ ගාසා තීරයේ ප්‍රාණ ඇපයේ සිටින බව විශ්වාස කෙරෙනවා.

The post උදව් ඉල්ලා ලියූ සටහන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG