Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල – හමාස් ගැටුම් යළි උත්සන්න වෙයි  

Add comments

ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය අවසන් වී යළි සටන් ඇවිලෙතැයි ගාසා වැසියන් දැඩි බියකින් හා කෝපයකින් පසු වනවා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් යළි ඇරඹීම ගාසා තීරයේ භීතිය සහ කෝපය වැඩිකරවන්නක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දෙන්නේ.

තාවකාලික සටන් විරාමය අද උදෑසන 07:00 ට අවසන් වූ අතර දෙපාර්ශ්වයම එය කඩ කළ බවට එකිනෙකාට දොස් පවරා තිබෙනවා.

සටන් විරාම සමයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 178 දෙනෙකු මියගොස් තිබෙනවා.

සටන් විරාමය අවසන් වීමෙන් පසු රෆා හරස් මාර්ගය හරහා අවශ්‍ය ආධාර පැමිණීම නතර වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පැවසුවා.

ඊයේ උදෑසන ඊශ්‍රායල හමුදා විසින් උතුරු ගාසා තීරයේ ප්‍රදේශවලට වෙඩි ප්‍රහාර එල්ල කළා.

සටන් විරාමයෙන් පසු ජෙට් ප්‍රහාරක යානා සහ ඔත්තු බැලීමේ ගුවන් යානා යොදවා ඇති අතර සටන්වල ​​වේගය අඩු නොවන බවක් පෙනෙන්නට තිබුණා.

මේ අතර උදෑසන 07:30 ට පමණ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූ අතර සෑම විනාඩි 10, 15, 20 කට වරක් නොනවතින බෝම්බ හෙලීමක් සිදු වූ බවයි ගාසා වැසියන් පවසන්නේ.

මේ අතර, හමාස් සහ අනෙකුත් කන්ඩායම් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ අතර, ඒවා වැළැක්වීම සඳහා අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය යොදවා තිබෙනවා.

 

The post ඊශ්‍රායල – හමාස් ගැටුම් යළි උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG