Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපිනයේ මින්ඩනාවෝ දූපතට ප්‍රබල භූකම්පන දෙකකින් බලපෑම්  

Add comments

පිලිපිනයේ මින්ඩනාවෝ දූපතට ප්‍රබල භූකම්පන දෙකකින් බලපෑම් ඉල්ල වී තිබෙනවා.

පිලිපිනයේ දෙවන විශාලතම දූපත ලෙස සැලකෙන මින්ඩනාවෝ දූපතට ඊයේ රාත්‍රීයේ දී භූකම්පන දෙකකින් බලපෑම් ඉල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පළමු භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු අතර දෙවන භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතු බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා.

කෙසේ වුව ද එම භූකම්පනයන්ගෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ඇමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය නිවේදනය කරන්නේ.

මුහුදු මට්ටමේ සුළු ඉහළ යාමක් පමණක් ඇති වු බව ද සඳහන්.

භූකම්පනයෙන් සිදු වු දේපළ හෝ ජිවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

 

 

 

 

The post පිලිපිනයේ මින්ඩනාවෝ දූපතට ප්‍රබල භූකම්පන දෙකකින් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG