Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනාගත චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව චීන ජනපතිගෙන් උපදෙස්  

Add comments

චීන මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව පැවැත්වෙනවා.

එම සමුළුව 27 සහ 28 දෙදින බෙයිජිං හිදී පැවැත්වෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් ද පැවැත්වීය.

හෙතෙම සිය දේශනයෙන් ගෙවුණු දශකයේ චීන ලක්ෂණයෙන් යුත් රාජ්‍යතාන්ත්‍රිකත්වය ලබාගෙන ඇති ජයග්‍රහණ හා අත්දැකීම් සම්පිණ්ඩනය කළ අතර නව යුගයේ චීනය විදේශ කටයුතුවලදී මුහුණ දී සිටින ජාත්‍යන්තර පරිසරය හා කාලීන කාර්යයන් පිළිබඳ පෙන්වා දුන්නා.

ගෙවුණු දශකයේ චීනය විදේශ කටයුතුවලදී බොහෝ අභියෝග ජයගෙන චීන ලක්ෂණයෙන් යුත් රාජ්‍යතාන්ත්‍රිකත්වය නිර්මාණය කර ඇති බවත්, මේ වන විට චීනයේ රාජ්‍යතාන්ත්‍රිකත්වය වඩාත් ස්වාධීන හා සක්‍රීය වී ඇති බවත් හෙතෙම පැවසුවා.

වර්තමානයේ සහ අනාගතයේදී රටේ විදේශ කටයුතුවලදී පිළිපැදිය යුතු උපදෙස් ‍චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේදී චීනයට නව උපායමාර්ගික අවස්ථා උදා වනු ඇත.

එබැවින් චීනයේ ජාත්‍යන්තර බලපෑම් තවත් ඉහළ තලයකට ගෙන යා යුතුයි.

ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනය අනුව ඉදිරියේ විදේශ කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව එම සමුළුවේ මුලසුන දැරූ චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා අවධාරණය කළා.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනයේ කේන්ද්‍රීය සංකල්පයයි.

චීනය දේශීය වශයෙන් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමය පවත්වාගෙන යන අතර ජාත්‍යන්තර වශයෙන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය කේන්ද්‍ර කර ගනිමින් විදේශ කටයුතු වඩාත් ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යා යුතු බව එම සමුළුවේදී අවධාරණය කෙරුණා.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ හා චීන උප ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රජයේ නිලධාරීහු, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළ රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් එම සමුළුවට එක් වුණා.

The post අනාගත චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව චීන ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG