Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීනුවන් දහස් ගණනක් මධ්‍යම ගාසා තීරයෙන් පලායයි  

Add comments

ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදා ඉදිරියට ඇදෙද්දී පලස්තීනුවන් දහස් ගණනක් මධ්‍යම ගාසා තීරයෙන් පළායමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇස්තමේන්තුගත කර ඇති පරිදි පලස්තීනුවන් එක්ලක්ෂ පනස් දහසක් මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරු වෙත පළා යාමට සිදුව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

යුද ටැංකි බුරෙයීජ් කඳවුරේ නැගෙනහිර ප්‍රදේශයට ළඟා වී ඇති බව වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදාව මෑතකදී බුරෙයීජ් සහ ඒ ආසන්න කඳවුරු ඉලක්ක කරගනිමින් ගොඩබිම් ප්‍රහාර එල්ල කළා.

ඊයේ දිනයේ දී ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගිය බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය සති එකොළහ තුළ ගාසා තීරයේ විසිඑක්දහස් තුන්සියයකට අධික පිරිසක් මියගිය බවයි ඔවුන් පවසන්නේ.

බුරෙයීජ් සහ නුසෙයිරාට් කදවුරු අයත් මධ්‍යම ගාසා තීරය හරහා විහිදෙන බිම් තීරුවක් ඉවත් කරන ලෙස ඊශ්‍රායල හමුදා ඉල්ලා තිබෙනවා.

එහි පදිංචිකරුවන් අනූදහසකට ආසන්න පිරිසක් සහ දැනටමත් අවතැන් වූ හැටඑක්දහසකට දකුණු දෙසට යන ලෙසයි දන්වා ඇත්තේ.

 

The post පලස්තීනුවන් දහස් ගණනක් මධ්‍යම ගාසා තීරයෙන් පලායයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG