Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට තවත් ගුවන් ප්‍රහාර මාලාවක්  

Add comments

ඊශ්‍රායලය නව වසරේ ආරම්භයත් සමඟ ගාසා තීරයට තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඛාන් යුනිස් නගර මධ්‍යයට ගුවන් යානා යොදාගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමටයි ඊශ්‍රායල හමුදා කටයුතු කළේ.

කෙසේ වෙතත් මේ සමග ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර සිදුකරන ඊශ්‍රායල හමුදා ඉවත් කර ගන්නා බව දැනුම් දී තිබෙනවා. ඒ ඉදිරි සටන් සදහා ඔවුන් භාවිත කිරීමේ අරමුණින්.

මේ අතර ඇමෙරිකා හමුදා හවුදි කැරළිකරුවන් ඉලක්ක කර රතු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් කැරළිකරුවන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගැටුම් ඇති වු දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් 21822 දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබු සංඛ්‍යාව 56451ක්. එමෙන්ම ඊශ්‍රායල වැසියන් 1139 දෙනෙකු ද මිය ගියා.

 

 

 

 

 

The post ඊශ්‍රායලයෙන් ගාසා තීරයට තවත් ගුවන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG