Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 7 වෙනිදා  

Add comments

පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මහා මැතිවරණයේ ජයග්‍රාහකයා බවට මේ වන විටත් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පත්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

බංග්ලාදේශ මහා මැතිවරණයේ ලබන 7 වනදා පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පාලනය යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන බලාපොරොත්තු විය නොහැකි බැවින් මැතිවරණය වර්ජනය කරන බව එරට ප්‍රධාන විපක්ෂය පවසනවා.

ඒ අනුව පාලක අවාමි ලීගය අඛන්ඩව 4 වන වරටත් එරට පාර්ලිමේන්තුවේ බලය හිමිකරගනු ඇති බවයි විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ.

ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් බහුතරයක් සිරගත කර සිටින අතර ඔවුන් රටපුරා රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පවත්වනවා. බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය මිය ගොස් ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

 

 

 

 

The post බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 7 වෙනිදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG