Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ ආරක්ෂක කටයුතු සදහා අමතර පොලිස් නිලධාරීන් 90,000ක්  

Add comments

නව වසරේ උදාවත් සමඟ ප්‍රංශයේ ආරක්ෂක කටයුතු සදහා අමතර පොලිස් නිලධාරීන් අනූදහසක් පමණ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

යුරෝපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාමත් සමගයි ආරක්ෂාව දැඩි කිරීමට ප්‍රංශය තීරණය කර ඇත්තේ.

හෙටින් උදාවන 2024 වසර ඉලක්ක කර ගනිමින් රට පුරා සැමරුම් උත්සව පැවැත්වෙන අතර එම උත්සව වලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

එබැවින් රට පුරා ආරක්ෂාව දැඩි කිරීමට මෙලෙස අමතර පොලිස් නිලධාරීන් 90,000ක් යෙදවූ බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නිවේදනය කරන්නේ. පැරිස් අගනුවර ආරක්ෂාව සදහා පමණක් 6,000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා.

එමෙන්ම ඩ්‍රෝන යානා නිරීක්ෂණ කටයුතු සදහා යොදවා ඇති අතර ගිනි නිවන භටයින් සිය ගණනක් සහ හමුදා භටයින් 5,000ක් පමණ ආරක්ෂාවට යොදාව ඇති බව සදහන්.

නව වසරේ උදාව සැමරීම සදහා පැරිස් අගනුවර මිලියන 1.5ක පමණ පිරිසක් රැස්වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

 

 

 

 

 

The post ප්‍රංශයේ ආරක්ෂක කටයුතු සදහා අමතර පොලිස් නිලධාරීන් 90,000ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG