Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසාහි අවතැන් ජනතාවට එළිමහන් ප්‍රදේශවල ජීවත් වීමට සිදු වෙයි  

Add comments

ගාසාහි අවතැන් ජනතාවට එළිමහන් ප්‍රදේශවල ජීවත් වීමට සිදුව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

අවතැන් පිරිස් වෙත අවශ්‍ය මූලික පහසුකම් පවා සපුරාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

පසුගිය දින කිහිපය තුළදී පමණක් ලක්ෂයකට ආසන්න පිරිසික් රෆා ප්‍රදේශය වෙත පැමිණ ඇති බව එම සංවිධානය නිවේදනය කරනවා.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇති බවයි ජගත් සංවිධානයේ නියෝජිතයෙකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ.

අවතැන් පිරිස් වෙත අවශ්‍ය ආහාර / ඖෂධ / ඉන්ධන හා ජලය සපුරාගැනීමේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යන බව ද එම සංවිධානය වැඩිදුරටත් සදහන් කරනවා.

පසුගිය ඔක්තෝබර් 7වන සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 21,672නෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය සමස්ත ගාසා වැසියන්ගෙන් සියයට එකක ප්‍රතිශතයක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පලස්තීන වැසියන් 56,165 දෙනෙකු ප්‍රහාරයන්ගෙන් තුවාල ලබා ඇති බවද සදහන්.

 

 

 

The post ගාසාහි අවතැන් ජනතාවට එළිමහන් ප්‍රදේශවල ජීවත් වීමට සිදු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG