Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල ආරක්ෂක අංශ අතින් ඝාතනයවූ ප්‍රාණ ඇපකරුවන් අත සුදු රෙදි කැබලි තිබූ බව අනාවරණය වෙයි  

Add comments

ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වන මොහොතේ ඔවුන් අත සුදු රෙදි කැබලි තිබු බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු අත් වැරදීමකින් ඝාතනය වූ බවයි.

28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් මෙලෙස ඝාතනය වුණා.

ගාසා හි උතුරේ ෂෙජායියා හි ක්‍රියාත්මක වූ හමුදා විසින් මෙම තිදෙනාට වෙඩි තැබූ බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය ඊශ්‍රායල හමුදාවේ ක්‍රියාදාමයන්ට පටහැනි බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් තවදුරටත් තම භාරයේ රදවා සිටිනවා.

ඔවුන් ඝාතනයට ලක්වීමත් සමග ටෙල්අවිව් අගනුවර විරෝධතා ආරම්භ කෙරුණා.

ගාසා තීරයේ සිට ප්‍රාණ ඇපකරුවන් ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායල රජය වැඩි උනන්දුවකින් ක්‍රියා කළ යුතු බවටයි විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ.

 

 

 

 

The post ඊශ්‍රායල ආරක්ෂක අංශ අතින් ඝාතනයවූ ප්‍රාණ ඇපකරුවන් අත සුදු රෙදි කැබලි තිබූ බව අනාවරණය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG