Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකෙම හදවත් වසඟයට ගත් Richard M Sherman දිවියෙන් සමුගනී  

Add comments

ලෝකයේම හදවත් වසඟයට ගත් නිර්මාණකරුවෙකු වන ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කළ Richard M Sherman අභාවප්‍රාප්ත වුණා.

වයෝ වෘද්ධ භාවය සමග ඇති වු රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහු මිය යන විට 95 වන වියේහි පසුවුණා.

Richard M Sherman ඔහුගේ සහෝදරයා වන රොබට් ෂර්මන් සමග ඩිස්නිහි ගීත 150කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබෙනවා.

මේරි පොපින්ස් නම් ඩිස්නි චිත්‍රපටය සදහා ෂර්මන් සහෝදරයන් නිර්මාණය කළ ගීත සදහා ඔස්කා සම්මාන ද හිමිවුණා.

ඔහුගේ නිර්මාණ අතර ජංගල් බුක් චිත්‍රපටයේ ගීතය සහ චිටි චිටි බැන්ග් බැන්ග් චිත්‍රපටයේ ගීත ප්‍රධාන වනවා.

ෂර්මන් සහෝදරයින්ට මෙම ගීත නිර්මාණ වෙනුවෙන් එක්සත් ජනපද කලා පදක්කම ද 2008 වසරේ දී හිමිවී තිබුණා.

 

 

 

 

 

 

 

The post ලෝකෙම හදවත් වසඟයට ගත් Richard M Sherman දිවියෙන් සමුගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG