Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 12ක් අත්අඩංගුවට  

0 comments

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 12 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඒ මන්නාරම වංකාලේ වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

පොළොව යට සඟවා තිබියදී ගංජා තොගය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම දූෂණ මර්දන ඒකකය වෙත භාරදී තිබෙනවා.

The post කේරල ගංජා කිලෝග‍්‍රෑම් 12ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්  

0 comments

විදේශගතව සේවය කරන ශ්‍රී‍්‍ර ලාංකිකයන් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට තීරණය කළා.

ඒ සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට යෝජනා කර තිබෙනවා. විදේශගතව සේවය කරන ශ‍්‍රමිකයන් යම් මුදලක් ඉතිරි කිරීම සිදුනොකරන බැවින් පසුව ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බවයි හෙලිවුණේ. එයට විසඳුමක් ලෙස සමාජ ආරක්ෂණ අරමුදල හදුන්වාදීමයි සැලසුම.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් විදෙස්ගත ශ‍්‍රමිකයන් සඳහා දායක විශ‍්‍රාම වැටුපක් ආරම්භ කිරීමට ද යෝජනාවී තිබෙනවා.

The post විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක් appeared first on ITN News.

Read More »

කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්  

0 comments

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට ලොවපුරා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව අසූ තුන්දහසක්. වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකළා. සියලු රටවල් වඩාත් අවධානයෙන් කටයුතු කළයුතු බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

ඉතාලියෙන් වාර්තාවී ඇති කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 650 ක්. ස්විට්සර්ලන්තය ඇතුලු රටවල් රැසකින් ද රෝගීන් වාර්තාවී තිබෙනවා.

 

The post කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවට එරෙහි මිෂෙල්ගේ ප්‍රකාශයට යුරෝපයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් දැඩි විරෝධය  

0 comments

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් පළ කිරීමට විරෝධය පළකරමින් යුරෝපයේ ජීවත්වන දේශප්‍රේමී ප්‍රජාව මානව හිමිකම් ප්‍රධාන කාර්යාලය වෙත සංදේශයක් අද භාරදුන්නා. ජිනීවාහි පැවති මානව හිමිකම් පිළිබඳ 43 වන සැසිවාරයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2015 – 30/1 මානව හිමිකම් යෝජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීම නිල දැනුම්දීමෙන් අනතුරුවයි මිෂෙල් බැචලේ විරෝධාත්මක අදහස් ප්‍රකාශ කිරීම සිදුකළේ.

ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර නොමැති බවත් සුළු ජාතීන්ට කිසිඳු අසාධාරණයක් නොවන ආකාරයෙන් වත්මන් රජය කටයුතු කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. මානව හිමිකම් කොමිසමේ කටයුතු වලට කිසිඳු ආකාරයක බාධාවක් නොවන අයුරින් ව්‍යවස්ථානුකූලව සකසා ගත් දේශීය යාන්ත්‍රණයක් තුළින් අදාළ ගැටලු සඳහා විසදුම් සෙවීමට ජනාධිපති , අගමැති ප්‍රමුඛ රජය කැපවී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට විශේෂ නියෝජිතයෙකු හෝ යොදවමින් ලෝකයට සත්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා.

මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස් දැක්වීම පිළිබඳව සිය විරෝධය පළකරමින් එල්ටීටීඊ ඩයස්පෝරාව ද අද දිනයේ දී විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වුණා. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වන කැනඩාව , ජර්මනිය , උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දන්වා සිටින්නේ 2015 වසරේ 30/1 යෝජනාව පිළිබඳ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සහ රජය දක්වන ප්‍රවේශය වෙනස් කිරීම ගැන කනස්සල්ලට පත්වන බවයි.

මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජගත් සංවිධානයට අයත් ආයතන කිහිපයක ඉහළ පෙළේ නියෝජිතයින් හමුවුණා. ඒ බව ට්විටර් පණිවුඩවල සඳහන්. අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු වී සාකච්ඡා කළා. එසේම ජිනීවා හි එක්සත් ජාතින්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටට්යානා වැලොවායා මහත්මියද හමු වී සාකච්ඡා පැවැත්වුවා. විදේශ අමාත්‍යවරයා අද දිනයේදි ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

The post ශ්‍රී ලංකාවට එරෙහි මිෂෙල්ගේ ප්‍රකාශයට යුරෝපයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් දැඩි විරෝධය appeared first on ITN News.

Read More »

පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් කිරිමට තීරණය කෙරේ  

0 comments

පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් බවට පත් කිරිමට තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

දරුවන්ගේ නිරෝගිබාවය සහ ක්‍රිඩාවේ අනාගතය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

නිමා වූ දකුණු ආසියා ක්‍රිඩා උළෙල සදහා ශ්‍රී ලංකාවේ පෙර සුදානම,  එහි ප්‍රමාණාත්මක බව හා සෙසු අංශ පිලිබද සමාලෝචනය කර වාර්තාවක් ලබදීම සදහා ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හතරදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා.

එහි සභාපති ලෙස ග්‍රෙගරි ගැමුණ ද සිල්වා මහතා කටයුතු කළ අතර අනෙකුත් සාමාජිකයන් වුයේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා, සමන් කුමාර ගුණවර්ධන, දමින්ද විජේසුරිය යන අයයි. එම වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

මෙහිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය පිලිබදවද අමාත්‍යවරයා අදහස් පළ කළා.

 

 

The post පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් කිරිමට තීරණය කෙරේ appeared first on ITN News.

Read More »

උණුසුම් කාළගුණය පිලිබඳු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක්  

0 comments

උණුසුම් කාළගුණය පිලිබඳු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමුව පලාත්වල ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවටයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මන්නාරම් දිස්ත‍්‍රික්කයේද උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනවා. උණුසුම් කාළගුණයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

අවුරුදු හතරට අඩු ළමුන් සහ අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. දැඩි හිරු රශ්මියට නිරාවරණය නොවී සිටීම සහ වැඩි වශයෙන් ජලය පානය කිරිම ඔස්සේ මිනිස් සිරුරට සිදුවිය හැකි බලපෑම් අවම කරගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

The post උණුසුම් කාළගුණය පිලිබඳු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ දිල්ලි අගනුවර ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළට  

0 comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. පුරවැසි පනතට විරෝධය පළකරමින් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මෙන්ම රථවාහන රැසක්ද ගිනි තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 

The post ඉන්දියාවේ දිල්ලි අගනුවර ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG