Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට  

0 comments

තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයටයි. රිච්ටර් පරිමාණ ඒකක හතක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි විස්සකට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. පසුකම්පන ද සියයකට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කසළ බහලුම් 20ක් යළි ප‍්‍රතිනැව් ගත කරයි  

0 comments

කොළඹ වරායේ රඳවා තිබූ කසල බහාලුම් දෙසිය හතලිස් දෙකෙන් විස්සක් ප‍්‍රතිනැව් ගත කිරිම ආරම්භ වුණා. ඒ අභියාචනාධිකරණ නියෝගයකට අනුව.

එක්සත් රාජධානියේ සිට නීතිවිරෝධී ලෙස ආනයනය කර තිබූ කසල බහාලුම් 242ක් වහාම කි‍්‍රයාත්මක වන පරිදි යළිත් එරටට යවන ලෙසයි අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේ.

එවැනි බහාලුම් 112 ක් කොළඹ වරායේ ඇති බවයි රේගු අධිකාරිය පවසන්නේ. තවත් බහාලුම් 130 ක් නිෂ්කාශනය කර ආයෝජනය මණ්ඩලය යටතේ කි‍්‍රයාත්මක පෞද්ගලික පරිශ‍්‍රයක තබා ඇති බවත් රේගු අධිකාරිය ප‍්‍රකාශකළා.

කොළඹ වරායේ තැන්පත් කර තිබෙන තවත් කසල බහාලුම් 65 ක් ලබන බදාදා එක්සත් රාජධානියට යැවීමට සූදානම් කර ඇති බවයි රේගු අධිකාරිය පවසන්නේ.

The post කසළ බහලුම් 20ක් යළි ප‍්‍රතිනැව් ගත කරයි appeared first on ITN News.

Read More »

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි  

0 comments

මෙරටින් හදුනාගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවූවා.

ඒ අද (30) දිනයේදී හදුනාගත් නව කොරෝනා රෝගීන් 314 දෙනෙකු ද සමගිනුයි. මේ වන විට දිස්ත්‍රික් 24 කින්ම කෙරෝනා ආසාදිතයින් වාර්තා වනවා.

ඒ අනුව මෙතෙක් හදුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව 10 105 ක්. ආසාදිතයින් 140 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

         

The post මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

ඇඳිරි නීතියට කලින් බස්නාහිරින් පිටවූ අය සොයා මෙහෙයුම්  

0 comments

බස්නාහිර පළාත තුළ මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. එය සදුදා (02) අළුයම පහ දක්වා බල පැවැත්වෙනවා. ඇඳිරිනීතියට පෙර බස්නාහිර පළාතෙන් පිට වූ අය සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

 

 

The post ඇඳිරි නීතියට කලින් බස්නාහිරින් පිටවූ අය සොයා මෙහෙයුම් appeared first on ITN News.

Read More »

උසස්පෙළ ගිණුම්කරණ විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර  

0 comments

උසස්පෙළ ගිණුම්කරණ විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

 

The post උසස්පෙළ ගිණුම්කරණ විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර appeared first on ITN News.

Read More »

පසුගිය පැස 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 24ක් අත්අඩංගුවට  

0 comments

ගෙවුණු පැය 24 තුළ ද ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

මේ අනුව ඇදිරිනීතිය කඩ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 1260 ක්.

The post පසුගිය පැස 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 24ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා  

0 comments

නවගමුව,  වෑක්කෙවත්ත ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එහි සේවකයින් 80 දෙනෙකු පමණ කර්මාන්ත ශාලාව තුලදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කඩුවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රේමසිරි විජේසේකර මහතා සදහන් කළා. මෙම පිරිස අතර ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකුද වනවා.

 

 

The post ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG