Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 140 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 4282ක් දක්වා ඉහළට  

0 comments

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 140 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 4282ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් 140 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 4282ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

විහාරස්ථානවල කඨින පින්කම් සඳහා විශේෂ නිවේදනයක්  

0 comments

කඨින පූජෝත්සවය පැවැත්වීම පිළිබඳව බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

The post විහාරස්ථානවල කඨින පින්කම් සඳහා විශේෂ නිවේදනයක් appeared first on ITN News.

Read More »

අයිෆල් කුලුනට වඩා උස කොරල් පරයක්  

0 comments

නිව්යෝර්ක් හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල සහ ප්‍රංශයේ අයිෆල් කුලුන වැනි සුවිශේෂි ගොඩනැගිලි වල උස පවා ඉක්මවා යන මහා බාධක පරයේ පිහිටි කොරල් පරයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

මීටර් 500ක උසකින් සහ කිලෝමීටර් 1.5ක පළලන් යුත් මෙම කොරල් පරය මහා බාධක පරයේ සිට කිලෝ මීටර් හයක් දුරින් පිහිටා තිබෙනවා. වසර 120කට පමණ පසු සාගර පත්ලෙන් සොයා ගත් අපූරු නිර්මාණයක් ලෙසයි මෙම කොරල් පරය හැදින්වෙන්නේ.

සාගර පතුලේ  ගවේෂණ සඳහා යොදා ගනු ලබන රොබෝ තාක්ෂණය ඔස්සේ මෙම අපූරු නිර්මාණය සොයා ගත් බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි මහා බාධක පරය වඩාත් පුළුල් සහ දර්ශනීය පරිසර පද්ධතියක් ලෙස යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ලැයිස්තුවටද එක් කොට තිබෙනවා.

The post අයිෆල් කුලුනට වඩා උස කොරල් පරයක් appeared first on ITN News.

Read More »

ඉස්ලාමීය ත්‍රස්ත උමතුව ප්‍රංශය වෙලාගෙන – ප්‍රංශ ජනාධිපති එමානුවෙල් කියයි  

0 comments

ඉස්ලාමීය ත්‍රස්ත උමතුවෙන් ප්‍රංශය වෙලී ගොස් ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසනවා. ඒ හේතුවෙන් ප්‍රංශයේ නගර පුරා හත්දහසක පමණ හමුදා බට පිරිස් යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

සති කිහිපයක් තුළ දෙවෙනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදියෙකු විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමත් සමගයි ප්‍රංශ ජනාධිපතිවරයා මේ  බව ප්‍රකාශ කර තිබෙන්නේ. එරට නීස් නගරයේ දේවස්ථානයකදී එල්ල කළ පිහි ප්‍රහාරයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මීට දින කිහිපයකට පෙර ටියුනීසියාවේ සිට යුරෝපයට සංක්‍රමණික බෝට්ටුවක් මගින් පැමිණි අයෙක් බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. චාලි හෙබ්ඩේ නැමති උපහාසාත්මක සගරාවේ නබි තුමන් ගැන පළවූ කාටුනයක් තම  පන්තියේ සිසුන් හට  පෙන්වු පැරිසියේ  ගුරුවරයෙකු ද මීට සති දෙකකට    පෙර හිස ගසා මරා දැමූ  පුවතක්  වාර්තා වුණා.

මෙම සිද්දීන්ගෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ මුස්ලිම් ලෝකයේ විවේචනයට ලක්වී ඇති අතර ඇතැම් මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශ නිෂ්පාදන පවා මිලදී ගැනීම වර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post ඉස්ලාමීය ත්‍රස්ත උමතුව ප්‍රංශය වෙලාගෙන – ප්‍රංශ ජනාධිපති එමානුවෙල් කියයි appeared first on ITN News.

Read More »

අගමැතිතුමාගේ නබි නායක දින පණිවුඩය  

0 comments

මිලාඩ්-උන්- නබි දින සුබ පැතුම් පණිවිඩය!

ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අදට යෙදී තිබේ. ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරති.

අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේ දී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණි. අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවරදි මඟට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිඳුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිතය. අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය, මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි. එසේ ම මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමයි.

ඉස්ලාමීය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇත. අපට ලබා දුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කිරීමටත්, එම රටවල සියලු ම ඉස්ලාමීය බැතිමතුන් වෙත නබි නායකතුමන්ගේ උපන් දිනය යෙදෙන අද දිනයේ සුබ පැතුම් එක් කිරීමටත් කැමැත්තෙමි.

එසේම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලොවක් ලෙස දැඩි අර්බුදකාරී යුගයකට අප මුහුණ දී ඇත්තෙමු. ඒ නිසාවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඉස්ලාමීය මඟපෙන්වීම්වලට අනුව මේ උතුම් දිනය සමරන ලෙස ඉල්ලා සිටිමි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඇවැසි ගුණධර්මයන් සමාජගත කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙසත්, සියලු ලෝකවාසී ජනතාව මෙම වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස ප්‍රාර්ථනා කරන ලෙසත්, සියලු ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබි නායකතුමන්ගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් මිලාඩ් උන්-නබි දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමීය ජනතාවට ප්‍රීතිමත් මිලාඩ්-උන්- නබි දිනයක් ප්‍රාර්ථනා කරමි!

අගමැති මහින්ද රාජපක්ෂ
2020.10.29

The post අගමැතිතුමාගේ නබි නායක දින පණිවුඩය appeared first on ITN News.

Read More »

ජනාධිපතිතුමාගේ නබි නායක දින පණිවුඩය  

0 comments

ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති.

මුහම්මද්තුමා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් පරමාදර්ශය කොට ජීවත් වීම යහපත් සහ සංවර්ධිත සමාජයකට අත්තිවාරම නිර්මාණය කරන බව මගේ පිළිගැනීමය. අප අන්‍යයන් කෙරෙහි පැවතිය යුත්තේ මුහම්මද්තුමා දේශනා කළ ගුණාංග ගුරු කොට ගනිමින් උනුන් අතර වෛරය හා සැකය තුරන් කෙරෙන අයුරිනි.

පෙර නොවූ විරූ ගැටළු රැසක් මතු කරමින් ලොව පුරා පැතිර යන කොවිඩ් – 19 වසංගතය හමුවේ මුළු මහත් මිනිස් සංහතියම අභියෝගයකට මුහුණ දී සිටී. මෙවන් කාලවකවානුවක ආගමික විශ්වාසයන්ට මුල්තැන දෙමින් ජීවත්වීම මානසික සහනය උදා කරයි. එසේම අන්‍යෝන්‍ය සුබසිද්ධිය, ජන කොටස් අතර සංහිඳියාව සහ පොදු යහපත සාක්ෂාත් කර ගනු පිණිස නබි නායකතුමාගේ චරිතයෙන් උකහා ගත් යහ ධර්මයන් අප විසින් සමාජ ගත කළ යුතුව තිබේ.

නබි නායකතුමාගේ ඡන්ම දිනය සැමරෙන මෙසමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමග අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇතැයි මම විශ්වාස කරමි.

ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට මෙන්ම ලෝකවාසී මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් මිලාදුන් නබි දිනයක් ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ජනපති
2020 ඔක්තෝබර් මස 29 දින

The post ජනාධිපතිතුමාගේ නබි නායක දින පණිවුඩය appeared first on ITN News.

Read More »

රාජ්‍ය ආයතනවල නිවසේ සිට වැඩ කරන ක්‍රමය යළි ක්‍රියාත්මක කෙරේ  

0 comments

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා නිවසේ සිට වැඩ කරන ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාතේ හා සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් ඊට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කළා.

 

The post රාජ්‍ය ආයතනවල නිවසේ සිට වැඩ කරන ක්‍රමය යළි ක්‍රියාත්මක කෙරේ appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG