Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධි ධ්වනික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි  

0 comments

උතුරු කොරියාව අධි ධ්වනික මිසයිලයක් සාර්ථකව අත් හදා බැලූ බව නිවේදනය කරනවා.

එම මිසයිලය හ්වාසොං 8 ලෙස නම් කර ඇති බව උතුරු කොරියා බලධාරීන් සඳහන් කරනවා. ලොව බලවත්ම ආයුධ පද්ධති පහ අතුරෙන් එකක් ලෙසයි අධි ධ්වනි මිසයිල පද්ධති සැලකෙන්නේ. වසර පහක් ඇතුළත උතුරු කොරියා ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ මෙම මිසයිලය නිෂ්පාදනය කර තිබෙනවා. සියළුම පැතිවලින් තම රටේ ආරක්ෂක ධාරිතාව ඉහළ නැංවීම මෙවැනි ආයුධ පද්ධති වැඩි දියුණු කිරීමෙන් බලාපොරොත්තු වන බව උතුරු කොරියා ආරක්ෂක අංශ සඳහන් කරනවා.

 

 

The post අධි ධ්වනික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි appeared first on ITN News.

Read More »

ජපානයට පනවා ඇති හදිසි තත්ත්වය හෙට සිට ඉවතට  

0 comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනයට ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය හෙට සිට ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කරනවා.

ජපානය තුළ වයිරස ව්‍යාප්තිය වේගවත් කිරීම සමඟ මීට මාස හයකට පමණ පෙර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. මේ වනවිට වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව අවම වීම හේතුවෙන් පනවා ඇති නීති ඉවත් කරන බවයි අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා පවසන්නේ. නමුත් රට විවෘත කිරීම ක්‍රමානුකූලව සිදු කරන බව ඔහු සඳහන් කරනවා. ඒ අනුව ආපනශාලා , අවන්හල් විවෘත කිරීම හා උත්සව පැවැත්වීම තවදුරටත් සීමා කෙරෙනු ඇති. කෙසේ වුවද මේ වනතෙක් එරටින් හමුවී ඇත්තේ වයිරස ආසාදිතයින් ලක්ෂ දා හතකට ආසන්න සංඛ්‍යාවක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව දහ අට දහසකට ආසන්න වනවා.

 

 

 

The post ජපානයට පනවා ඇති හදිසි තත්ත්වය හෙට සිට ඉවතට appeared first on ITN News.

Read More »

දින 86කට පසු දිනක් තුළ වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ  

0 comments

දින 86කට පසු මෙරටින්  දිනක් තුළ අඩුම කොරෝනා ආසාදිතයන් පිරිස ඊයේ දවසේ වාර්තා වුණා.

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 932 නෙකු හදුනාගෙන තිබෙනවා. එය දින 86 කට පසු දිනක් තුළදී මෙරටින් හමුවූ අඩුම ආසාදිතයන් පිරිසයි.

එමෙන්ම රෝගීන් දහසේ සීමාවට අඩුවෙන් මෑතක අඩුම රෝගීන් පිරිස හමුවූ දෙවන දිනය ලෙසද වාර්තා අතරට එක් වනවා. කොරෝනා රෝගීන් දහසකට වැඩි පිරිසක් දිනක් තුළදී අවසන් වරට සොයාගෙන ඇත්තේ පසුගිය ජූලි මස පස් වනදායි.

මෙරටින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ පහලොස් දහස් පන්සිය විසි හතර දෙනෙකු වනවා. මේ අතුරින් හාර ලක්ෂ පනස් හය දහස් අසූ හත් දෙනෙකු සුවය ලැබුවා. හතලිස් හය දහස් හයසිය පනස් එක් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා මරණ 12786 ක් සිදු වුණා. ඊයේ දිනයේ දී පීසිආර් පරීක්ෂණ 7231 ක් සිදු කළා. ඇන්ටිජන් පරීක්ෂණ 2675 ක් සිදු කර තිබෙනවා.

 

 

 

 

The post දින 86කට පසු දිනක් තුළ වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ appeared first on ITN News.

Read More »

අදියර 4 කින් පාසල් විවෘත කිරීමට සැලසුම්  

0 comments

අදියර 4 කින් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඔක්තෝම්බර් පළමු වනදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව එය සිදු කෙරෙන බවයි ඒ මහතා තවදුරටත් පවසන්නේ.

 

The post අදියර 4 කින් පාසල් විවෘත කිරීමට සැලසුම් appeared first on ITN News.

Read More »

පසුගිය පැය 24ට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන්  

0 comments

ඇමරිකාවේ සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාර කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා ගියා.

පසුගිය පැය 24 ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඊයේ දිනයේ දී එරටින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. එමෙන්ම කොරෝනා මරණ 1836ක් සිදුවුණා. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,778,843 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් 221 කින් මේ වනතෙක් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 233,552,867 දෙනෙකු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

The post පසුගිය පැය 24ට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් appeared first on ITN News.

Read More »

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර  

0 comments

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට ලක්කර මහජන සේවාව ඇඟිලි තුඩු මතින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ,  පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීම පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

තරුණ හා ක‍්‍රීඩා කටයුතු සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

“මහජනතාව වැඩිපුරම සේවා ලබා ගැනීමට පැමිණෙන්නේ පළාත් පාලන ආයතන වලටයි.මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා තුන්සිය හතළිස් එකක් (341) තුලින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සේවය ලබාදෙනවා. එහිදී ජනතාව විවිධ අපහසුතාවලට ලක් වෙනවා, රස්තියාදු වෙනවා, කාලය ගත වෙනවා, මුදල් නාස්ති වෙනවා, ආයතන කෙරෙහි අප්‍රසාදය ඇතිවෙනවා, අවසානයේ රජය අපහසුතාවයට පත්වෙනවා . මේ නිසා තොරතුරු තාක්ෂණය දියුණු ලෝකයක ස්මාර්ට් ජංගම දුරකතනයකින් මහජන සේවය ඉටු කරගන්න හැකි ලෙස අපගේ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නවා. ඒ මගින් මහජන සේවය සැලසෙන අතර රාජ්‍ය සේවය විනිවිද භාවයකින් හා විශ්වාසනීය භාවයකින් යුතුව ලබා දිය හැකි වෙනවා.

අල්ලස දූෂණය වංචාව වැනි අයථා ක්‍රියාවන්ට ඒමඟින් වැට බැඳෙනවා. ඒවායින් වාසි ගන්නා පිරිසකට නම් ඒ මගින් අවාසියක් වෙනවා යැයි ද පැවසීය . ව්‍යාපාරික බදු අයකරගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ,පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් ගැනීම, ක්‍රීඩා පිටි හා ශාලා පහසුකම් වෙන් කරගැනීම ඇතුළු ප්‍රධාන සේවාවන් පහළොවක් ද අනෙකුත් සේවාවන් හැටකට අධික ප්‍රමාණයක් ද තම නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාව ලැබෙනවා”.

මෙහිදී අදහස් දැක්වූ තරුණ හා ක‍්‍රීඩා කටයුතු සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, “මිනිසුන්ගේ බදු මුදල් ගෙවන්න ඔවුන් ආයතන ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ. අපියි ඔවුන් ළඟට යන්න ඕනේ. ඇතැමුන් කියනවා රට සිංගප්පූරුවක් වගේ කරන්න ඕන කියලා. ඒකට තියෙන ප්‍රශ්නය ගොඩනැගිලි, වාහන යන්ත්‍ර සූත්‍ර නොවෙයි. මානව ප්‍රාග්ධනය ගැටලුවයි තිබෙන්නේ. හිතන විදිහ හා ආකල්ප වෙනස් කර ගත යුතුයි.

තාරුණ්‍යයට අනාගතයක් තිබෙන්නේ තොරතුරු තාක්ෂණය එක් කර රට ඉදිරියට ගියොත් විතරයි. දේශපාලනඥයන්ට පවා ඉදිරියට යන්න වෙන්නෙ තොරතුරු තාක්ෂණය සහිත ලෝකයකයි. එහෙම නැති වුණොත් තරුණ දේශපාලනඥයන්ගේ අනාගතය නැති වෙනවා .

අපේ අමාත්‍යාංශය මගින් පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයට හා ආයතන වලට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරනවා. ඊට අවශ්‍ය දැනුම තාක්ෂණය ඇතුළු සියලු සහයෝගය අප අමාත්‍යංශය ලබා දෙනවා. ඒ කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීම සඳහා මෙහයුම් කමිටුවක් පත්කර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම පළාත් පාලන ආයතන වල ඉන්න සේවකයින්ගෙන් එම කටයුතු ගැටළුවක් නොමැතිව ඉටුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ හා ඩිජිටල්කරණය පිළිබඳ පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා. මෙහි පළමු අදියරේ දී වැඩිම ආදායම් උත්පාදනය කරන පළාත් පාලන ආයතන සීයක් ගෙන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස මම නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද පැවසීය.

 

The post සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර appeared first on ITN News.

Read More »

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති අභාවප‍්‍රාප්ත වෙයි  

0 comments

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවෙස වෙත පැමිණි ඒ මහතා පසුව ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් කොළඹ  ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ. ඒ මහතා මිය යන  විට 46 වන වියේ පසුවුණා.

The post කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති අභාවප‍්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG