Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙන්යාවේ නයිරෝබි අගනුවර වෙළෙඳසැලක ගින්නකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

කෙන්යාවේ නයිරෝබි අගනුවර වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.තවත් හැත්තෑ දෙනෙකු පමණ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රී කාලයේ දී ගින්න ඇතිවී තිබෙනවා. දේපල රැසකට ද හානි සිදුව තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. හානියට පත්ව ඇත්තේ නයිරෝබි නුවර පිහිටි විශාලතම එලිමහන් වෙළෙඳ සල්පිලයි. මියගිය පිරිස අතර කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බව සඳහන්. කෙටි කලක් තුළ අසල පිහිටි මහල් නිවාසවලට ද ගින්න පැතිර ගිය බව වාර්තා වනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG