Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ වාහන 50 ක ගින්නකින් නව දෙනෙකු මරුට  

Add comments

නයිජීරියාවේ වාහන පනහකට පැතිර ගිය ගින්නකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන්ධන ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී ඇති අතර එම අවස්ථාවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. මාර්ගයේ තිබූ වාහන පනහක් දක්වා එය වේගයෙන් පැතිර ගිය බවයි එරට වාර්තා සදහන් කරන්නේ. නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස් හිදීයි මෙම අනතුර සිදුවුණේ.

බස්රථ පහක් ඇතුළු වාහන පනහක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගතකර ඇති බවද වාර්තා වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG