Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉවුරු ඛාදනයෙන් කැලණියේ නිවාසවලට හානි  

Add comments

ඉවුරු ඛාදනය හේතුවෙන් කැලණි ගං ඉවුරේ තිබූ නිවාස තුනක් අද (29) අලුයම කැලණි ගඟට කඩාවැටී තිබෙනවා.  වැල්ලම්පිටිය, හල්මුල්ල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබූ මෙම නිවාස කලක සිට විනාශවීමේ තර්ජනයට ලක්ව තිබුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙම ප්‍රදේශය පරීක්ෂාවට ලක්කර ආරක්ෂිත බැම්මක් සකස් කිරීම සදහා ප්‍රතිපාදන වෙන්කර තිබුණා. නමුත් පසුගිය කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා එම ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. කෙසේ වෙතත් මේ වනවිට විනාශ වී ඇති නිවෙස්වල ජීවත් වූ ජනතාව මහත් ගැටලුවකට මුහුණ පා සිටිනවා.

ජනතාව,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG