
අධික වර්ෂාව හේතුවෙන් චීනයේ දකුණු ප්‍රදේශයට දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ගුයින්සු ප්‍රාන්තයේ ගම්මාන 10 කට පමණයි. එම ගම්මානයේ නිවාස සීයකට පමණ ගංවතුරවල බලපෑම් එල්ල වී තිබෙනවා.
එම නිවාසවලින් ජනතාව ඉවත් කිරීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ගංවතුර හේතුවෙන් වගාබිම් අක්කර දහස් ගණනක් විනාශ වී ඇති බව සදහන්. අධික වර්ෂා සහිත කාලගුණය ඉදිරියේත් පවතිනු ඇති බවට එරට කාලගුණ අංශ පවසනවා. ඒ හේතුවෙන් නිල් පැහැති අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමටයි කටයුතු කර ඇත්තේ.
Post a Comment