Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක් ලක්ෂ‍ පනස් දහසකට අලුතින් සමෘද්ධි සහනාධාර  

Add comments

සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසුකම් ඇති අඩු ආදායම් ලාභී පවුල් එක්ලක්ෂ පනස් දහසක් සදහා  සහන සැළසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.දිලිදුකම පිටුදැකීම සදහා ක්‍රියාත්මක කර ඇති  සමෘද්ධි සහනාධාර වැඩසටහන සදහා නව ප්‍රතිලාභීන් හදුනා ගැනීමට මේ දින වන අයදුම්පත් කැදවා ඇති බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේ දැඩැල්ලගේ මහතා සදහන් කරන්නේ.

දැනට සමෘද්ධි සහනාධාරය නොලබන අඩු ආදායම් ලාභී පවුල්වල ගෘහ මූලිකයන්ගේ තොරතුරු ඇතුළත් අයදුම් පත්‍රයක් අදාළ ප්‍රදේශීය ලේකම්වරයා වෙත යොමුකළ යුතුයි. අදාළ ප්‍රදේශවල මහජන නියෝජිතයන්ට හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ට මේ පිලිබද ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථාව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ග්‍රාමීය කමිටු මගින් ප්‍රමුඛතා අනුව සුදුස්සන් තෝරාගැනීම සිදු කෙරෙනු ඇති.  මෙම වැඩපිලිවෙළේ පළමු අදියර යටතේ ලබන මස 31 වනදා දක්වා ප්‍රතිලාභින් හදුනාගැනීමේ කටයුතු සිදු කෙරෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG