Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර ඓතිහාසික ගිවිසුමක්  

Add comments

ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර ඓතිහාසික ගිවිසුමක් අත්සන් තැබුණා. ඒ මැසිඩෝනියාවේ නම භාවිත කිරීම සම්බන්ධයෙන්. මැසිඩෝනියාව වශයෙන් හැඳින්වෙන රාජ්‍යය එම නම භාවිත කිරීම සම්බන්ධයෙන් ග්‍රීසිය දීර්ඝ කාලයක් මුළුල්ලේ විරෝධතාවක් දැක්වූවා. ඊට හේතුව වූයේ ග්‍රීසියේ ද මැසිඩෝනියාව නමින් ඇති ප්‍රාන්තය ග්‍රීසියට අහිමිවේ යැයි යන භීතියක් පැවතීමයි. මීට අදාළව ඓතිහාසික සම්බන්ධයක් ද පවතිනවා. ඒ මහා ඇලෙක්සැන්ඩර් රජු හා ඔහුගේ පියා වන පිලිප් රජු මැසිඩෝනියා ජාතිකයින් වීමයි. පිලිප් රජුගේ පාලන කාලය තුළදී මැසිඩෝනියා හමුදා ග්‍රීසිය යටත් කර ගත්තා. කෙසේ වෙතත් මෑතකදී යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පසු අලුතින් රාජ්‍යයන් නිර්ණය කිරීමේදී මැසිඩෝනියාවේ දේශ සීමාව පිළිබඳ ගැටලුව උද්ගත වුණා.

දීර්ඝ කාලයක් පැවති සාකච්ඡාවලින් පසු වර්තමාන මැසිඩෝනියා පාලකයන් තීරණය කොට ඇත්තේ දැනට මැසිඩෝනියාව වශයෙන් හැඳින්වෙන ප්‍රදේශය උතුරු මැසිඩෝනියාව ලෙස නම් කිරීමටයි. ඒ අනුව ඊට අදාළ ඓතිහාසික ගිවිසුම දෙරටේ නායකයන් අතර අත්සන් තැබුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG