Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

Add comments

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව පළාතේසහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.දිවයිනේ උතුරු-මැද පළාතේ සහ මාතලේ, හම්බන්තොට, වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද සුළං (පැ.කි.මී. 40-45පමණ) ඇති විය හැකියි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරයහරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැක.පුත්තලම සිට මන්නාරම දක්වාත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වාත්එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG