Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර අවසානයේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළට  

Add comments

මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 9.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 8.7 ක්. 2016 වසර අවසානය වන විට ඇමෙරිකා ඩොලර් බිලියන 6ක්ව පැවති විදේශ සංචිත ප්‍රමාණය 2017 වසර අවසාන වන විට ඇමෙරිකා ඩොලර් බිලියන 7 දක්වා ඉහළ ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දීර්ඝ කරන ලද අරමුදල් පහසුකම් යටතේ ඇමෙරිකා ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් වසර 3 ක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට 2016 වසරේදී එකඟතාව පළ වුණා. එහි තවත් වාරිකයක් ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 252 ක් පසුගියදා අනුමත වුණා. එම මුදලත් සමග මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබී ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 1014 ක් වනවා. පසුගිය සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කළ අතර මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමග ද සාකච්ඡාවක් පැවැත්වූවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ආර්ථික ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG