කොස්පැල ලක්ෂ දහයක් සිටුවීමේ ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කෙරෙනවා. ඒ ලෝක කෘෂිකර්ම දිනය සහ කොස් මාමා හෙවත් ආතර් වී දියෙස් මහතාගේ ජාතික කොස්පැල සිටුවීමේ ව්‍යාපාරයට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන්. ලක්ෂ දහයක කොස් පැල සිටුවීම පානදුර ජෙරමියස් දියස් පාසලෙන් ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.
අපි වවලයි – අපි කන්නේ තේමාවෙන් ජාතික වැඩපිළිවෙල ආර්මභ කිරිමටයි සැළසුම් කර තිබෙන්නෙ. මාස 18 කින් එලදාව නෙලාගත හැකි බද්ධ කරන ලද කොස් පැල සිටුවීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ. සියලුම ජනතාව වැඩසටහනට එක්කර ගන්නා බව රජයේ ප්රවෘත්ති දොපර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
Post a Comment