Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ  

Add comments

කැළණිය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවීමට නියමිත, මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදුවිය.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා සහ කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සමරසිංහ යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තැබීය.

කැළණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කරන මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ දිවයිනේ සියලු දිස්ති‍්‍රක්කවලට ද ව්‍යාප්ත කිරීම, මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයට මූලිකවන හේතුන් අරබයා බහුවිධ පර්යේෂණ සිදු කිරීම, අනෙකුත් දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයන් සමග අදාළ පර්යේෂණ තොරතුරු හුවමාරු කර ගැනීම, වකුගඩු රෝගය දුරු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති,සැලසුම් සඳහා නිර්දේශ ලබාදීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කිරිමට අපේක්ෂා කරන සේවාවන් වේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG