Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන මාධ්‍යයේ උපහාසයට ලක් වු ට්‍රම්ප්  

Add comments

චීනයයෙන් ආනයනය කෙරෙන භාණ්ඩවලට එරෙහිව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු පැනවීමත් සමග චීන මාධ්‍ය ඔහු උපහාසයට ලක් කරමින් වාර්තා පළ කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා අනුවන ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවයි චීන මාධ්‍ය පෙන්වා දෙන්නේ.  චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සදහා සියයට 25 කින් බදු  ඉහළ නැංවීමට ඇමෙරිකා ජනාධිපතිවරයා තීරණය කළා. ඒ තුළින් ඇමෙරිකා ඩොලර් බිලියන 50 ක් පමණ උපයා ගැනීමට ඇමෙරිකා රජය අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් චීන බලධාරීන්  සදහන් කරන්නේ තමන්ද ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 659 කට  සියයට 25ක බදු ඉහළ  නැංවීමක් සිදු කිරීමට අපේක්ෂා  කරන බවයි. එමගින්ද සිය රජයට ඇමෙරිකා ඩොලර්  බිලියන 50 ක් උපයාගැනීමට හැකි වන බව චීනය සදහන් කරනවා. බදු ඉහළ නැංවීම නිවේදනය කරමින්  ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ ඇමෙරිකාවේ තාක්ෂණය හා බුද්ධිමය දේපල අසාධාරණය ලෙස චීනයට හිමිවීම වැළැක්වීම තම ක්‍රියා මාර්ගයේ අරමුණ වූ බවයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG