Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෞද්ගලික රෝහල්වලින් අය කරන වැට් බද්ද අහෝසි කෙරේ  

Add comments

පෞද්ගලික රෝහල්වලින් අය කරන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ජනතාවට සහන ලබාදීමේ යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළේ තවත් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි මාතර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අයහපත් කාලගුණයෙන් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි මුදල් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.  මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති එම උත්සවයේදී 420 දෙනෙකුට ජාතික රක්ෂණභාර අරමුදල යටතේ වන්දි ලබාදීම සිදු වුණා. එහිදී ලබා දුන් මුදල රුපියල් කෝටි 159 ක්. සුනාමි ව්‍යවසනයෙන් නිවාස අහිමි වූ 44 දෙනෙකුට දීමනා හිමිකම් පත්‍ර පිරිනැමීම ද මෙහිදී සිදු වුණා. වන්දි මුදල් ලබාදීමේදී පසුගිය රජයන් පක්ෂ පාට සැළකිල්ලට ගත් නමුත් වත්මන් රජය කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට වන්දි ලබාදීමට පියවර ගත් බව අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර කඩිනමින් වන්දි මුදල් ලබාදීමට කටයුතු කිරීම පිළිබදව ජනතාව මෙසේ අදහස් පළ කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG