Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙළෙදුන්ට හා යාචකයන්ට ජුලි 01 සිට දුම්රිය තහනම්  

Add comments

ජුලි මස පළමුවැනිදා සිට දුම්රිය පරිශ්‍ර,  දුම්රිය ස්ථාන සහ දුම්රිය මැදිරි තුළ සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා පවසනවා. දුම්රිය මැදිරි තුළ සිදුකරන  වෙළෙදාම් කටයුතු ද එදින සිට තහනම් කරන බවයි සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ. දුම්රිය අාඥා පනත යටතේ දුම්රිය මැදිරි තුළ  සිගමන් යැදීම සිදුකළ නොහැකි අතර එම පනත නැවත බලාත්මක කිරිමයි එළඹෙන පළමුවැනිදා සිට සිදුවීමට නියමිතව ඇත්තේ.
දුම්රිය මැදිරිවල සිගමන් යදින්නන්ගේ විවිධ ජුගුප්සාජනක ක්‍රියාකාරකම්,  අපිරිසිදුබව හා විවිධ අසාදන තත්ත්ව පැවතීම දුම්රිය මගීන්ගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා. එමෙන්ම මෙම යාචකයන් ගැවසීම  මගින් ගැට කපන්නන්න්ට අත්උදව් සැලසීම්ද සිදුවී ඇති බවට ද තොරතුරු හෙළිවී තිබෙන බවටයි විජය සමරසිංහ මහතා  කියා සිටියේ. එමෙන්ම විවිධ වෙළෙදාම් හා ආහාරපාන අළෙවියේ පවතින ප්‍රමිතිය පිළිබද ගැටලු සහ එමගින් මගීන්ට සිදුවන අපහසුතා ද සලක‍ා බලා දුම්රිය මැදිරි තුළ අාහාර අළෙවිය ද පළමුවැනිදා සිට තහනම් කිරීමට යි කටයුතු සුදානම් කර ඇත්තේ. ඊට සමගාමිව දුම්රිය භෝජනාගාරයේ නිසි ප්‍රමිතියෙන් යුතුව මගීන්ට ප්‍රමාණවත්  තරම්  අාහාර එක් කිරීමටත් කටයුතු  කරන බවයි සමරසිංහ මහතා ITN වෙත  වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG