
මිළ අධික විශාල ප‍්‍රමාණයේ වාලම්පුරියක් සමඟ පුද්ගලයන් හත් දෙනෙකු කුරුණෑගල – මල්කඩුවාව ප‍්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස් දෙනෙක් කුරුණෑගල පදිංචිකරුවන්. අනෙක් දෙදෙනා කන්තලේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නෙ. පොලීසියට ලැබුනු තොරතුරකට අනුව කුරුණෑගල පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර තිබෙනවා. ඒ වන විටත් වාලම්පුරිය අළෙවි කිරිම සදහා මල්කඩුවාව ප‍්‍රදේශයේ නිවසක සැකකරුවන් සාකච්ඡාවක නිරතව සිටි බවයි පොලිිසිය සදහන් කළේ.
වාලම්පුරියේ වටිනාකම තක්සේරු කිරිම සදහා එය වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවීමටයි පොලීසිය පියවර ගෙන තිබෙන්නෙ. සැකකරුවන් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.
Post a Comment