
දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ජනාධිපති නිල නිවසේ පැවති මෙම හමුවේදී දෙරටේ අතීත මිතුදම් පිළිබද සිහිපත් කෙරුණා. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අගය කළ ජනාධිපතිතුමා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනාවක් ද කළා.
පොල්ගස්ඕවිට දහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සදහම් සේවා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹීමේ අවස්ථාවට එක්වීමටයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා දිවයිනට පැමිණ සිටින්නේ. ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරෙන දාහත් මහල් මෙම ගොඩනැගිල්ල සදහා රුපියල් කෝටි දෙදහස් පන්සියයක් වැය කෙරෙනවා. ඉදිරියේදී වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරු කර ගත්තා. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට දායකත්වය ලබාදීමට ද ඒ මහතා එකගතාව පළ කළා. දහම් සෙවන පන්සල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සුදුහුම්පොළ විමලසාර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment