
පොලිතින් බෑග් 80කට වැඩි සංඛ්‍යාවක් ආහාරයට ගැනීම හේතුවෙන් තල්මසෙකු මිය යාමේ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.කිලෝ 8ක් පමණ බරැති මෙම පොලිතින් බෑග් තොගය ආහාරයට ගැනීම හේතුවෙන් වෙනත් ආහාර ලබා ගැනීමට නොහැකිවයි තල්මසා මෙසේ මිය ගොස් ඇත්තේ.
ගොඩබිමට ගෙනැවිත් මත්ත්ස්‍යයාට ප්‍රතිකාර කිරීමට කටයුතු කළද එය නිෂ්ඵල වූ බවයි තායිලන්ත සාගර විද්‍යාඥයින් පවසන්නේ. ගැඹුරු මුහුදේ පිහිනාගත නොහැකිව පාවෙමින් සිටියදී සාගර විද්‍යාඥයින් තල්මසා සොයා ගනු ලැබුවා. ප්ලාස්ටික හා පොලිතින් අපද්‍රව්‍ය මුහුදට එක් වීම හේතුවෙන් වාර්ෂිකව දහස් ගණනක් සාගර ජීවීන් නිකරුණේ මිය යන බව සාගර විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
Post a Comment