
මිනිස්සු මැරෙනවා. දහස් ගණනින්, සිය දහස් ගණනින් මැරෙනවා. සිරුරෙන් මිය යන මේ සිය දහස් ගණන් මිනිස්සු අතර නාමය නොමියෙන මිනිසුන් ද සිටින බව පසක් කරන සුවිශේෂ දිනයක් අද. තමන් සතු ගී ගැයීමේ හැකියාව නිසා මුළු ජීවිතයම උඩුයටිකුරු කර ගත් මේ ලෝකෙ වෙනසක් ඇති කරපු මිනිසෙකුගේ උපන් දිනය අදට යෙදිලා තියෙනවා. ඔහු මයිකල් ජෝසෆ් ජැක්සන්. මයිකල් ජෝසෆ් ජැක්සන් (Michael Joseph Jackson) උපදින්නේ 1958 අගෝස්තු 29 වැනිදා ඒ කියන්නේ අද වනි දවසක. දරුවන් නව දෙනෙකුගෙන් සමන්විත පවුලක අටවෙනි දරුවා විිදියට ඇමරිකාවේ ඉන්ඩියානා හ උපත ලබන ඔහු ලෝකයම ආදරයෙන් වැළඳ ගත් චරිතයක් බවට පත් වෙනවා. ඒ ඔහු සතු ගායන, නර්තන හැකියාව සහ ප්‍රාසාංගික කලාවේ ඔහු භාවිත කළ විවිධ විලාසිතා හේතුවෙන්. ”King Of Pop” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මයිකල් වෘත්තීය වශයෙන් සංගීත දිවියට පිවිසෙන්නේ 1964 වසරේදීයි. ඒ ”Jackson 5” නම් සංගීත කණ්ඩායම සමඟයි. මේ සංගීත කණ්ඩායමට ඔහුද ඇතුළුව Jackie,Tito, Jermaine, Marlon යන මයිකල්සගේ හෝදරයන් ද එක්ව සිටියා. ටැම්බරින් සහ බොංගෝ සංගීත භාණ්ඩ වාදනය කරමින් ඔහු කණ්ඩායමට සහාය ලබා දුන්නා . නමුත් ඉතාම කෙටි කලකින් මයිකල් ජැක්සන් ”Jackson 5” හි ප්‍රධාන ගායන ශිල්පියාගේ ස්ථානය හිමි කර ගත්තා.
සංගීත දිවිය
1967 වසරේදී මයිකල් ජැක්සන් සිය “I Want You Back” ගීත ඇල්බමයෙන් එවකට සියලු ගීත දර්ශකයන් අභිබවා අංක 01 ට පැමිණීමට සමත් වෙනවා.ඒ වෙද්දි ඔහුගේ වයස අවුරුදු 11ක් පමණයි. මේ ගීතයට රසික රසිකාවියන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලබා ගැනීමට ඔහු වාසනාවන්ත වෙනවා. 1978 වසරේ දී මයිකල් ඔහුගේ ඒක පුද්ගල ගීත ඇල්බමයක් නිකුත් කරන අතර එහි පිටපත් මිතියන 10ක් අළෙවි වෙනවා.
“THRILLER” කියන්9නේ මයිකල් ගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. 1983 දී ඔහුගේ “THRILLER” ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් බවට පත් වූ අතර මිලියන 65ක් තරම් වූ පිටපත් අලෙවි වීම නිසා එය ගිනස් වාර්තා පොතටද එක් වුණා.
එක් වසරකදී වැඩිම ග්‍රැමි සම්මාන 13ක් ලබාගත් පුද්ගලයා ලෙස 1984 වසරේදී වාර්තාවක් තැබීමට පවා මයිකල් සමත් වුණා. ඔහුගේ ගීතවල සුවිශේෂී බවක් තිබුණා. වර්ණබේදවාදය, වාර්ගික අර්බුද පිළිබඳ විවිධ පණිවුඩ සමාජයට ගෙන යාමට පිළියමක් විදියට ඔහු සංගීතය අපූරු මෙවලමක් කර ගත්තා. “Beat It”, “Billie Jean”, සහ “Thriller” යන මේ සෑම ගීත ඇල්බමයකම ඒ අපූරු මෙවලම දැක ගත හැකි වුණා.
කලාකරුවන් තමන්ට දැනෙන , හැඟෙන දේ සහ සමාජය විසින් තමන්ට ලබා දෙන පිළිගැනීම හෝ නොතකා හැරිම තමන්ගේ නිර්මාණවලට ආදේශ කර ගන්නවා. එවැනි ආදේශනයන් රසිකයන්ට වඩාත් සමීප වෙන්නේ ඒ අත්දැකීම්වල තිබෙන දුක හෝ සතුට ඔවුන්ට ද බොහෝ සමීප නිසා විය හැකියි. මයිකල් ජැක්සන් ගේ නිර්මාණවල රහස වුණේද එයයි.
“BAD” නමින් 1987 දී ඉදිරිපත් කළ ගීත ඇල්බමය පිටපත් මිලියන 30ක් අලෙවි වුණු අතර ඇල්බමයේ නම “BAD” වුණත් එය වාසනාව කැන්දවූ ගීත ඇල්බමයක් බවට පත් වුණා. ඉන් පසුව ඔහු ලෝකයේ විවිධ රටවල්වල සංදර්ශන පවත්වමින් තමන්ගේ ගීත හැකියාවෙන් රසිකයින් මවිත කළේය. එක සැරයක් වෙම්බ්ලි වල පැවැති ජැක්සන්ගේ ප්‍රසංගයක් සඳහා එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය පැමිණ තිබුණා.
“BAD” සංගීත ඇල්බමය බිලිබෝර්ඩ් ගීත දර්ශකයේ පළමු ගීත 100ට පැමිණීමට සමත් වුණා. “I Just Can’t Stop Loving You”, “Bad”, “The Way You Make Me Feel”, “Man in the Mirror”, සහ “Dirty Diana” යන ගීත පහම එම ගීත දර්ශකයේ ඇතුළත් වීම වාර්තා ගත සිදුවීමක් වුණා. එකම පුද්ගලයෙකුගේ ගීත 5ක් බිලිබෝර්ඩ් ගීත දර්ශකයේ මුල් ගී 100ට ඇතුළත් වීම??? ඔබ හිතන්නේ එය ලෙහෙසි දෙයක් කියලාද?? (ඇත්තටම ඒක ලෙහෙසිත් නැහැ.. සුන්දරත් නැහැ.)
1990 දශකයේ මයිකල් ජැක්සන් “Black or White” සහ “Scream” ගීත අපූරු වීඩියෝ පටද සහිතව නිකුත් කළා. ඒ මගින් කිසිවෙකුත් කිසිවිටෙකත් කිසිම හේතුවක් නිසාවත් ප්‍රතික්ෂේප නොවිය යුතු බව වැනි තේමාවන් සමාජගත කිරීමට ඔහු හැමවිටම උත්සාහ කළා.
ගායනයට අමතරව දෙවියන් විසින් මයිකල් ට ලබා දුන් තවත් අපූරු හැකියාවක් තිබුණා. ඒ තමයි නර්තනය. තමන්ගේ ගීතවලට ඔහු ඉදිරිපත් කළ ඒ නර්තනයන් පසුකාලීනව “The Robot” , “MoonWalk” වැනි විවිධ නම්වලින් හඳුන්වන්න පටන් ගත්තා.
මයිකල් ගේ මේ සුවිශේෂී නර්තන විලාසයන් රසික සිත් ආදරයෙන් වැළඳ ගත් අතරම එය ඔහුට ලෝක සංචාරයන් රැසකදී උණුසුම් ප්‍රතිචාර ලබා දෙන්නට සමත් වුණා. ජැක්සන් ගේ Off the Wall (1979), Dangerous (1991), සහ HIStory (1995) වැනි ගීත ඇල්බම ලෝකයේ හොඳින්ම අළෙවි වූ ගීත ඇල්බම වනවා.
මයිකල් “Rock and Roll Hall of Fame” සම්මානය දෙවරක් ද ” Songwriters Hall of Fame” සහ “Dance Hall of Fame” යන සම්මාන දිනා ගැනීමට සමත් වෙනවා. එය පොප් සහ රොක් සංගීතවේදියෙක් දිනා ගත් එකම සම්මානය ලෙස හඳුන්වන්න පුළුවන්. මයිකල් ජැක්සන් සිය ගණනින් සම්මාන ලබා තිබෙනවා. සෑම කල්හිම එකසේ ජනප්‍රියත්වය රඳවා තබා ගත් වඩාත් සාර්ථකම ප්‍රාසාංගික ශිල්පියා ඇතුළු ගිනස් වාර්තා රැසකට මයිකල් හිමිකම් කියනවා. “Grammy Legend Award”, “Grammy Lifetime Achievement Award” යන සම්මානද ඇතුළු ග්‍රැමී සම්මාන 13ක් ඔහු ලබාගෙන තිබෙනවා. “ශතවර්ෂයේ කලාකරුවා” සම්මානය ඇතුළු ඇමරිකානු සංගීත සම්මාන 24ක් ඔහු දිනා ගත්තා. මේ හැම සම්මානයකම බර ඩොලර්වලින් ලැබෙන විට ඔබ හිතන්නේ ඔහු මොන වගේ දෙයක් කරන්නට ඇති කියලාද? කෙනෙකු විසින් වැඩිම පුණ්‍ය කටයුතු ප්‍රමාණයක් සිදු කරමින් ගිනස් පොතට සිය නම ඇතුළත් කර ගැනීමේ වාසනාවද මයිකල් ජැක්සන්ට හිමි වෙනවා. ඒ 2002 වසරේදීයි. ඒ වගේ ම අමෙරිකාවේ 9/11 ප්‍රහාරයෙන් පසුව යළි ඇමෙරිකාව නඟා සිටුවීම සඳහාද මයිකල් ජැක්සන් සහ අනෙකුත් ගායක ගායිකාවන් සමඟ එක්ව දැවැන්ත ප්‍රසංගයක් පවත්වමින් සිය දායකත්වය ලබා දී තිබුණා. ලෝකය වටා සංචාරය කරමින් ගායනයෙන් හා නර්තනයෙන් මිනිසුන් පිනවා ලද මුදලින් ඔහු පුණ්‍යායතන 39කට දායකත්වය ලබා දුන් බව සඳහන් වෙනවා.
80 දශකයේදී මයිකල් ජැක්සන් චරිතය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වෙනවා. ඒ එතෙක් පැවති කලු සම සහිත මිනිසා සුදු සමක් අයිිති කර ගැනීම නිසායි. ඒ වගේම ඔහුගේ ශාරීරික වෙනස්කම්, හැසිරීම් රාටාව වැනි දේවල් සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වුණා. කෙසේ වෙතත් 1993 වසරේදී ළමා අපචාර චෝදනාවක් මත ඔහුට විරුද්ධව ඔහුගේ සමීපතම හිතවතෙක් සිය දරුවාව මයිකල් ජැක්සන් විසින් අපයෝජනයට ලක් කළ බව පවසමින් ඔහුට විරුද්ධව නඩුවක් ද පවරා තිබුණා. 2005 වසරේදී තවත් ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වුවත් ඔහු නිර්දෝෂී බව ජූරි සභාව තීරණය කළා.
පොප් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි සමග මයිකල් ජැක්සන් 1995 දී විවාහ වූ අතර එම විවාහ දිවිය පැවතුණේ වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණයි. ඉන් පසු මයිකල් ජැක්සන් නැවතත් විවාහ වෙනවා. ඒ ඔහුගේ දිගුකාලීන හිතවතියක වන ඩෙබෝරා ජේන් රෝව් සමඟින්. ඒ විවාහයෙන් ඔවුන් ට කනිෂ්ට මයිකල් ජැක්සන් හා පැරිස් මිශෙල් කැතරින් ජැක්සන් යනුවෙන් දරුවන් දෙදෙනක් සිටිනවා. පැරිස් ජැක්සන් කියන්නේ අද මයිකල් තරම්ම නොවුණත් ජනප්‍රියක්වයේ පසුවන කලා ශිිල්පිනියක්. කොහොම වුණත් මේ දෙපළ 1998දී වෙන් වෙන්න තීරණය කරන අතර දරුවන්ගේ භාරකාරත්වය මයිකල් ට හිමි වෙනවා.
1996 සැප්තැම්බර් මාසයේ දී හෙතෙම “History World Tour” සංචාරය අරඹමින් යුරෝපයේ නගර 58ක ගීත සංදර්ශන පවත්වනවා. එය 1997 ඔක්තෝබර් දක්වා සිදු වුණා. මිලියන 4.5කට අධික රසිකයින් පිරිසක් මෙම සංදර්ශනයන් සඳහා සහභාගී වී තිබුණා. මෙම ලෝක සංචාරය මහද්වීප 05ක රටවල් 35කදී ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට මයිකල් ට හැකි වෙනවා.
පසුකාලීනව සජීව සංගීත ප්‍රසංග වේදිකාවෙන් සමුගනු ලැබුවද එළඹෙන ජුලි මාසයේ දී නැවත් ප්‍රසංග වේදිකාවට පැමිණීමට තීරණය කර තිබුණි. ඒ වගේම “SONY BMG” මියුසික් ආයතනය විසින් මේ වසරේදී මෙම සුපිරි ගායකයාගේ 50වැනි උපන් දිනයට සමගාමීව විවිධ රටවල් නියෝජනය වන පරිදි දැවැන්ත සංගීත ප්‍රසංගයන් පැවැත්වීමට ද සැලසුම් සකස් කර තිබුණද ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස මරණය හරස් වෙනවා.
මයිකල් ජැක්සන් ගායකයකුට වඩා තරුවක් කිව්වොත් ඔබ මා සමඟ එකඟ වේවි. තරුවක් වීමට, විශේෂයෙන් “පොප් තරුවක් වීමට” ගායන හැකියාවට වඩා බොහෝ දේ තිබිය යුතුයි. ඕනෑම පුද්ගලයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ එකකු ලෙස සමාජය දකින්නට පටන් ගත් විටයි. මයිකල් ජැක්සන් සුරූපී කළු තරුණයකු වූ කාලයක්ද, ඒ නිසාම සුවිශේෂී ජනප්‍රියතාවයක් දිනාගත් අතර බොහෝ දෙනෙකු ඔහු තමන්ගේ එකෙකු ලෙස දුටු සමයක්ද තිබුණා.
මිය යන විට පනස්වැනි වියෙහි පසූවූ ජැක්සන්, ඇමෙරිකාවේ “බෙවිලි”හී සිය නිවසේ දී හදිසි හදවත් රෝගයක් හේතුවෙන් 2009 ජුනි 25 මිය යනවා. විදෙස් මාධ්‍යයන් සඳහන් කලේ, ජැක්සන්ට මෙම හදවත් රෝගය ඔහුගේ නිවසේදී හැදී තිබෙන අතර ඔහුගේ සේවකයෙකු විසින් එය වෛද්‍යවරුන්ට දැනුම් දී තිබෙන බවයි. නමුත් වෛද්‍යවරුන් ජැක්සන්ගේ නිවසට පැමිණෙන විටත් ඔහුගේ හදවත ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවත් වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තද මෙම සුපිරි පොප් ගායකයාට ජීවත්වීමට වාසනාව උදාකර දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
කෙසේ වුවත් මයිකල් ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා වූ කොන්රාඩ් මරේ අත්අඩංගුවට ගත්තද පසුව ඔහුව නිදහස් කෙරුණේ ඔහු නිර්දෝෂී බව පවසමින්. බොහෝ දෙනා බොහෝ කතාන්තර ඔහු ගැන කියුවත් මයිකල් ජැක්සන් කියන්නේ පුරාවෘත්තයක්. ඒ ගායනය, නර්තන විලාසය, ඇඳුම් විලාසිතා පමණක් නොවෙයි මයිකල් ගේ හදවත ද සුන්දර බව ඔහු කළ කී යහපත් දෑවලින් පෙනුම් කරනවා. මයිකල් කියන්නේ කල්ලෙක්. කලු හම අභියෝගයක් වුණ සුද්ධන්ගේ රටේ කල්ලෙක් විදියට නමක් දිනා ගත් ඔහු වරෙක සොබා දහම අභිබවා යන්න හදනවා. එහි දිගු කාලීන ප්‍රතිඵලය ඔහුට අත් කර දුන්නේ ඉක්මන් ජීවිත අවසානයක්. සොබාදහමට, සාමයට, දරුවන් ට වගේම විවිධ සමාජ ගැටලු වෙනුවෙන් තමන්ගේ හැකියාව භාවිත කළ මයිකල් ජැක්සන් පුංචි කාලයේ ඔහුගේ පියාගේ වද හිංසාවට ලක් වුණ චරිතයක්. නමුත් ඔහු ජීවත් වූ කාලය තුළ යා හැකි උපරිම දුර ගමන් කළා. ඒ දුර අපේ මතකයේ හැමදාම රැඳේවි.
ඉතින් මයිකල්.. ඔබට සුබ උපන් දිනයක්!!!!!
– සුපුන් භාග්‍යා වීරකෝන් –
Post a Comment