Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සර්පයා FB ගිය හැටි හොයන්න මහාධිකරණෙයන් නියෝග  

Add comments

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මුහන්දිරම්ලාගේ හසිත සමන් නොහොත් සර්පයා නමැත්තාට බන්ධනාගාරගතව සිටිය දී ෆේස්බුක් ගිණුමට  ප්‍රවේශවීමට  පහසුකම් සළසා ඇත්දැයි යන්න පිළිබද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට  වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට කොළඹ මහාධිකරණය  නියෝග කළා.

විත්තිකරු බන්ධනාගාරයේ සිටියදී ඔහුගේ ෆේස්බුක් ගිණුම බාධාවකින් තොරව යාවත්කාලීන වන බව නීතිපතිවරයා මහාධිකරණයට පැමිණිලි කර සිටියා. ඒ විත්තිකරුට එරෙහිව ද්විත්ව ඝාතනයකට අදාළ නඩුවක් කැදවූ අවස්ථාවේදීයී. විත්තකරුගේ ෆේස්බුක් ගිණුම සම්බන්ධ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ද මෙහිදී  නියෝග කෙරුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG