
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින්ලංකා ආයතනවල පසුගිය සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ප්‍රකාශ ලබා ගැනීම අද (30) දිනයේත් සිදු කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන , ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් කොමිසම හමුවට අද (30) පැමිණියා. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදු වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලව හෙළි වූ තොරතුරුවලට අනුව කොමිසමට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ඔවුන් දෙදෙනා කොමිසම හමුවේ පෙනී සිටියේ.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකය හමුවට ඊයේ (29) පැමිණියා. ඔහුගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු ද වන අතර එම සමාගම පිහිටුවීමට ලියාපදිංචි කිරීම සදහා අයැදුම්පත් භාරදී ඇත්තේ ද මොහුයි. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී බී ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද ඊයේ (29)විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. 2011 වසරේ රුසියාවේ විකුණුම් අලෙවි නියෝජිත කාර්යාලය පිහිටුවීම වෙනුවෙන් සාදයක් සංවිධාන කිරීම සදහා රුපියල් මිලියන 24 ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ සමයේදීයි මෙය සිදුව ඇත්තේ.
Post a Comment