උතුරු ප්රදේශයේ නීතිවිරෝධී ලෙස කෙරෙන වැලි ගොඩදැමීම් හා ප්රවාහනය කිරීම් මැඩපැවැත්වීමේ මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා.
සංවිධානාත්මක පිරිස් මෙසේ නීතිවිරෝධී අයුරින් වැලි ගොඩදැමීම් හා ප්රවාහනය කිරීම් සිදුකරන බවට ලැබී ඇති තොරතුරු මත මෙම මෙහෙයුම ක්රියාත්මක බවයි පොලීසිය පවසන්නේ. ඒ අයුරින් නීතිවිරෝධීව වැලි ප්රවාහනය කළ ටිපර් රථ දෙකක් වව්නියාව ඕමන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටිපර් රථ දෙක හා රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
Post a Comment