Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ විභාග ප්‍රවේශපත්‍ර දැන් SMS මගින්  

Add comments

ඉදිරියේ දී පැවැත්වෙන රජයේ සියලු විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශපත්‍රය  සඳහා ආදේශකයක් ලෙස ඔවුන්ගේ ජංගම දුරකතන වෙත විභාග දෙපාර්තමේන්තුවෙන් යොමුකරන කෙටි පණිවිඩ (sms) ක්‍රමය භාවිත කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසනවා.එම ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මකව ඇති බවයි ඒ මහතා ITN වෙත වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ එස්.එම්.එස්. පණිවිඩ පෙන්වූ විට අපේක්ෂකයන්ට විභාග සඳහා පෙනීසිටීමට තාවකාලික ප්‍රවේශපත්‍රයක්  නිකුත් කරන ලෙසටයි විභාග ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ. තැපැල් සේවක වර්ජනය මෙම තීරණය ගැනීමට හේතු වූ නමුත් මෙම   ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ. එමෙන්ම ඒ ඒ විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදල් ගෙවා විභාගවලට අදාළ ප්‍රවේශපත්‍ර ලබාගැනීමට ද පහසුකම් මේ වන විට  සළසා තිබෙනවා.

මෙම තීරණ හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රජයේ විභාග කිසිදු බාධාවකින් තොරව නියමිත පරිදි සිදු කිරීමට හැකිවන බව ද අදාළ බලධාරීන්ගේ විශ්වාසය යි.

මෙම ක්‍රමය අනුගමනය කිරීමේ දී යම් ගැටලුවක් ඇතිවුවහොත් 0112785236 අමතා එම ගැටලු නිරාකරණය කරගත හැකිවේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG