Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බයිසිකලයේ මන්ත්‍රීවරුන්ට එරෙහි පෙත්සම සලකා බැලීම අගෝස්තු 01වනදා  

Add comments

මහරගම නගර සභාව සදහා තේරීපත්වූ මෝටර් සයිකලයෙන් තරග කළ ස්වාධීන කණ්ඩායම් සාමාජිකයන් නාගරික මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කිරීමට නුසුදුසු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අගෝස්තු මස පළමුවනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන  මහත්වරුන් ඉදිරියේයි පෙත්සම අද(26) කැදවනු ලැබුවේ. පෙත්සමේ සදහන් ඇතැම් වගඋත්තරකරුවන් මේ වන විට ඉල්ලා අස්වී ඇති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වූවා. මේ සම්බන්ධ පෙත්සම්කරුවන්ගේ ස්ථාවරය මීළග දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහරගම නගර සභාවට මෝටර් සයිකලය ලකුණ යටතේ තේරී පත්වූ සභිකයන් දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බැවින් එය පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු සදහන් කරනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG