
චීනයේ වයඹ දිග ප්‍රදේශයේ හමාගිය වැලි කුණාටුවකින් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. වැලි කුණාටු ඇතිවීමත් සමග අහස කහ පැහැයක් ගත් බවයි එම ප්‍රදේශයේ ජනතාව සදහන් කරන්නේ.
ඉතා කෙටි කලක් තුළ ප්‍රදේශය වැලි සහ දූවිලිවලින් වැසී ගොස් තිබෙනවා. කුණාටුව ඇති වූ අවස්ථාවේදී මීටර් සියයකට වඩා වැඩි දුරක් ඈත දැක ගැනීමට නොහැකි වූ බවද ජනතාව පැවසුවා. සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදු වූ බවක් වාර්තා වී නැතැයි චින රජය නිවේදනය කළා.
Post a Comment