Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උ/පෙළ හා 5 ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම හෙට සිට  

Add comments

2018 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට 2018.07.31 දිව සිට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට 2018.08.01 දින සිට උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විභාගයට අදාළව 2018.07.31 දින මධ්‍යම රාත්‍රී සිට 2018.09.01 දින දක්වා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2018.08.01 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති පැවත්වීම තහනම් කිරීම් කර තිබේ.

විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

2013.06.21 දිනැති නිකුත් කරන ලද අංක 1816 ගැසට් නිවේදනය ප්‍රකාරව 1968 අංක 25 ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය මෙම පනත යටතේ වරදකරුවකු වේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ දෙපාර්තමේන්තුව වෙත පහත දූරකතන අංකවලට පැමිණිලි කළ හැකි වේ.

පොලිස් මූලස්ථානය – 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය 119
ක්ෂණික ඇමතුම් අංකය (වි.දෙපා) 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව – 0112784208/0112784537

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG