
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන් ලබා ගත් රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය ගත් තීරණයට එම කාන්තාවන් ප්‍රසාදය පළ කරනවා. නියගය හේතුවෙන් වගා කන්න පහක් එක දිගට හානි වූ දිස්ත්‍රික් දොළහක කාන්තාවන් ලබාගෙන තිබූ ණය මුදල් කපා හැරීමටයි රජය තීරණය කළේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමෙන් දිස්ත්‍රික් රැසක කාන්තාවන්ට සහන සැලසුනා.
ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්,කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම,අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික් ඒ අතර වනවා. ලබා ගත් ණය මුදල ගෙවා ගත නොහැකිව දැඩි මානසික පීඩාවකට පත්ව සිටි තමන්ට එය කපා හැරීම පැවසීම පවා මහත් සහනයක් වූ බව එම කාන්තාවන් පවසනවා.
Post a Comment