
සී එන් එන් වාර්තාකාරිණියකට ධවල මන්දිරයේ පැවති වැඩසටහනක් වාර්තා කිරීම තහනම් කර තිබෙනවා. ඇය ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් නුසුදුසු ප‍්‍රශ්න ඇසූ බවයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරාසෝන්ඩස් ප‍්‍රකාශ කළේ. ඒ හේතුවෙන් සී එන් එන් වාර්තාකාරිණිය වැඩසටහන පැවති භූමියෙන් ඉවත් කිරිමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නෙ.
රුසියා ජනාධිපතිවරයා සහ ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ හිටපු නීතිඥවරයා සම්බන්ධයෙන් ඇසූ ප‍්‍රශ්නයක් හේතුවෙන් තමන්ට මෙම තහනම පැනවුනු බව වාර්තා කාරිණිය ප‍්‍රකාශ කළේ. එභෙත් සී එන් එන් ආයතනය අසත්‍ය ප‍්‍රවෘත්ති පළකරන බව ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ දක්වා තිබෙනවා.
Post a Comment