Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට බාධා  

Add comments

විරෝධතාවක් හේතුවෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තාවනවා. සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් විශාල පිරිසක් මහත් අපහසුතාවකට ලක්ව සිටිනවා. උදෑසන හතට පමණ විරෝධතාව ආරම්භ වූ බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය සදහා පැමිණි කිසිදු සේවකයෙකුට කාර්යාලය තුළට යාමට නොහැකි වී තිබෙනවා. සූරියවැව, හම්බන්තොට මාර්ගය පුළුල් කිරීමේ දී ඉඩම් අහිමි වූවන්ට මෙතෙක් වන්දි ලබා දී නැති බව පවසමිනුයි උද්ඝෝෂනය පැවැත්වෙන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG