Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රතු ග්‍රහයා හෙට පෘථිවියට ළං වේ  

Add comments

වසර පහළොවකට පසු අගහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන් ගමන්කරමින් පවතිනවා.

වසර පහළොවකට පසු අගහරු ග්‍රහයා පෘථිවියට සමීපයෙන් ගමන්කරමින් පවතින අතර  හෙට දිනයේ එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක පමණ  ආසන්නයෙන් ගමන් කරන බවයි තරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. බුද ග්‍රහයා හැර පෘථිවියේ සිට දුරේක්ෂකයකින් බලන විට පෘෂ්ඨය දිස්වන එකම ග්‍රහලෝකය අගහරු ග්‍රහයායි. කොළඹ විශ්වවිද්‍යාලයේ අහස නිරීක්ෂණය කිරීමේ කදවුරක් හෙට රාත්‍රි 7.00 සිට 10.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පාසල් සිසුන්ට සහ මහජනතාවට සහභාගී විය හැකි අහස නිරීක්ෂණ කදවුරු දෙකක් ලබන මස පළමුවනදා පොළොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයේ දී සහ දෙවනදා ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG