
කුමන ආණ්ඩුවක් යටතේ වුව ද, ඉදිරියේ දී පාසල්වලට පුහුණු ගුරුවරු ලබා නොදෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව අධිකරණය හමුවට ගොස් තම පාසල්වලට පුහුණු ගුරුවරු ලබා ගැනීමේ අවස්ථාව දෙමාපියන් වෙත ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ගාල්ලේ දී පැවසීය.
රටේ සියලූ පාසල්වලට පුහුණු ගුරුවරු ලබා දීමේ නිසි ක්‍රමවේදයක් තමා අධ්‍යාපන ඇමැතිවරයාව සිටි කාලයේ දී ආරම්භ කළ ද, පසුකාලීනව එය දේශපාලනීකරණය වෙමින් නුපුහුණු ගුරුවරු බඳවා ගැනීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුව ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඒ ක්‍රමවේදය වහා වෙනස් කරන බව ද අවධාරණය කළේය.
ගාල්ල, ගිංතොට සහිරා විද්‍යාලයේ නව ගොඩනැගිලි 3 ක් විවෘත කිරීම සහ තවත් නව ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම නිමිත්තෙන් අද (30) එම විද්‍යාලයේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“පාසල් දියුණු කිරීම සඳහා ගොඩනැගිලි හා අනෙකුත් සාධකවලට අමතරව පුහුණු ගුරුවරු අවශ්‍ය වනවා. නමුත් අවාසනාවකට මෙන් මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කර තිබුණේ ශිෂ්‍යයන්ට හා පාසලේ වුවමනාවට ගුරුවරු ලබාදීමට නොව, දේශපාලන වුවමනාවන්ට අනුව ගුරුවරු ලබාදීමටයි.
මේ ආකාරයට නොපුහුණු ගුරුවරු බඳවා ගැනීමෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුව තිබෙනවා. මම අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවූ කාලයේ දී සෑම පාසලකටම පුහුණු ගුරුවරු ලබා දීමට තීරණය කළා. ඒ සඳහා වැඩසටහන් ගණනාවක් අප ඇති කළා. විභාග ක්‍රමයකට අනුව එම ගුරුවරු බඳවා ගත්තා සේම, ගුරුවරු පුහුණු කිරීම සඳහා අධ්‍යාපන පීඨ ඇති කළා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතන ඇති කළා. මේ අනුව 1985 – 86 වන විට ක්‍රමානුකූලව ගුරුවරු බඳවා ගෙන ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබා දීමට අප ක්‍රියා කළා.
නමුත් අවාසනාවකට මෙන් ඒ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක නොකර දේශපාලන වාසියට ක්‍රියා කළ නිසා අද නොපුහුණු ගුරුවරු රැසක් පාසල්වල සිටිනවා. මෙය ඒ ගුරුවරුන්ගේ වරදක් නොවෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය දේශපාලනීකරණය වූ නිසා මේ තත්ත්වය ඇති වුණා. ඒ දේශපාලන ක්‍රියාදාමයේ විපාක අද මේ රට අත්විඳිනවා.
2015 දී බලයට පැමිණි අපේ ආණ්ඩුව සෑම පාසලකටම පුහුණු ගුරුවරු ලබාදිය යුතු බවට තීරණය කරමින් මේ පිළිබඳව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සමග අප සාකච්ඡා කළා. ගුරුවරයා උපාධිධාරියෙකු වුවත්, උපාධිධාරියෙකු නොවුණත් ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදිය යුතු යැයි අප තීරණය කළා. එහිදී මතු වූ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ගුරුවරු පුහුණු කිරීම සඳහා එදා අප ඇති කළ ආයතන සියල්ල කඩා වැටී තිබීමයි. එම ආයතන නැවත සකස් කිරීමට කාලයක් ගත වන බව අධ්‍යාපන ඇමැතිතුමා එහිදී ප්‍රකාශ කළා.
ඒ අනුව කඩා වැටී තිබූ පුහුණු ආයතන ප්‍රතිසංස්කරණය කර දැන් ඒ වැඩ කටයුතු නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
ඉදිරියේ දී මේ වැඩ කටයුතු දේශපාලනඥයන්ගේ වුවමනාවන්ට අනුව සිදු කිරීමට ඉඩ දිය යුතු නැහැ. අධ්‍යාපනයේ ප්‍රමිතිය ඇති කිරීම සඳහා අලූත් නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. මේ අනුව තවත් වසර 5 කින් පාසල්වලට බඳවා ගත හැක්කේ පුහුණුව ලැබූ ගුරුවරු පමණයි. මෙම ක්‍රමවේදය දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාත්මක නොකර සිටිනවා නම් ඕනෑම අයෙකුට උසාවියට ගොස් අධ්‍යාපන අමාත්‍යාංශයට විරුද්ධව නියෝගයක් ලබා ගැනීමේ අයිතිය දෙමව්පියන්ට ලබා දෙනවා. ඒ අනුව තම පාසලට පුහුණු ගුරුවරු ලබා නොදෙනවා නම් එම අධිකරණ ක්‍රියාමාර්ගය ඔස්සේ පුහුණු ගුරුවරු ලබාගත හැකියි.”
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි ඇතුලූ දේශපාලනඥයින් හා අධ්‍යාපන ෙක්‍ෂ්ත්‍රයේ නිලධාරීහු රැසක් ද සහභාගි වී සිටියහ.
2018.07.30
Post a Comment