Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්  

Add comments

පුද්ගලයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම්කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙය සිදු කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. ඉංගිරිය ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය වෙත රැගෙන ගොස් පහරදුන් බවටයි වාර්තා වුණේ. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තුන්දෙනා ඊයේ දිනයේ දී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කෙරුණා. එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කෙරුණා. සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද අධිකරණයට භාර දෙන ලෙසයි නියෝග කෙරුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි පරීක්ෂණ හොරණ පොලිසියෙන් ඉවත්කර පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ සිදු කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG