
චීලි රාජ්‍ය පොලිතින් බෑග් භාවිතය තහනම් කිරිමට පියවර ගෙන තිබෙනවා. පොලිතින් බෑග් භාවිතය හේතුවෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගත වී තිබෙනවා. මේ හේතුවෙන් පොලිතින් බෑග් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරිමටයි චීලි රාජ්‍ය පියවර ගෙන ඇත්තේ.
මේ අනුව වානිජමය වශයෙන් පොලිතින් බෑග් භාවිතය තහනම් කළ ප්‍රථම ලතින් ඇමෙරිකානු රට බවට චීලි රාජ්‍ය පත්වනවා. පොලිතින් භාවිතයෙන් සම්පුර්ණයෙන්ම ඉවත්වීම සදහා මහාපරිමාණ ව්‍යාපාරවලට මාස හයක කාලයක් ද කුඩා වෙළෙදසැල් සදහා වසර දෙකක කාලයක් ද ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
Post a Comment