
මේ වසර තුළ මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරු වලින් සංක‍්‍රමණිකයන් 1500 ක් මියගොස් ඇති බව සරණාගතයන් පිළිබඳ මානව හිමිකම් කොමිසම ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකස් කර තිබෙනවා. වැඩිම හානි සිදුව තිබෙන්නේ පසුගිය ජුනි සහ ජූලි මාසවල.
හැට දහසකට වැඩි පිරිසක් මධ්‍ය ධරණී මුහුද තරණය කර යුරෝපයට ළඟාවී තිබෙනවා. අනතුරට ලක්වු සංක‍්‍රමණිකයන් විශාල පිරිසක් බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් වලට හැකිවුණා. සංක‍්‍රමණිකයන් හේතුවෙන් යුරෝපා රට වලට බරපතල අර්බුද රැසක් මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.
අපි‍්‍රකා කළාපයේ සිට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් යුරෝපයේ රටවල ඇතැම් නීතිවිරෝධී කි‍්‍රයා සිදුවීමත් ඊට හේතුවක්. සංක‍්‍රමණික ගැටලුව විසඳීම සදහා යුරෝපා සංගමයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.
Post a Comment