නයිජීරියාවේ කොලරා වසංගතය වැළඳීමෙන් පුද්ගලයින් 186 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයින් දහසය දහසකට පමණ වසංගතය වැළඳී ඇති බවයි නයිජීරියා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ආහාර හා ජලය මගින් ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතර මෙම රෝගය ව්‍යාප්ත වන බව සඳහන්. ප්‍රමාණවත් නිසි ප්‍රතිකාර තමන් සතුව නැති බවයි නයිජීරියා රෝහල් බලධාරීන් පවසන්නේ. නයිජීරියා ජාතිකයින් මිලියන 110 කට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැති අතර ඉන් මිලියන 70 කට පිරිසිදු පානීය ජලය ද නොමැති බව ජගත් සංවිධාන වාර්තා පෙන්වා දෙනවා.
Post a Comment