Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ ගුවන් පාලමක කොටසක් කඩාවැටීමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉතාලියේ ජෙනෝවා නගරයට ආසන්නයේ පිහිට ප්‍රධාන අධිවේගී මාර්ගයක ගුවන් පාලමක කොටසක් කඩාවැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් 15 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පුද්ගලයින් 12 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සුන්බුන් අතර සිරවී සිටින්නන්ගේ කෑගැසීම් ඇසෙන බවයි මෙහෙයුම් අංශ පවසන්නේ. මුදා ගැනීමේ මෙහෙයුම් සදහා 300 කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වනවා. පාලම කඩා වැටෙන අවස්ථාවේ එහි වාහන තිහකට අධික සංඛ්‍යාවක් ධාවනය වෙමින් තිබූ බව සදහන්. පාලමේ මීටර් දෙසීයක පමණ කොටසක් කඩා වැටී තිබෙනවා. මේ දිනවල ඉතාලියට බලපා තිබෙන අයහපත් කාලගුණයත් සමග මෙම ගුවන් පාලමේ ආධාරකයක් කඩාවැටී තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG